Welcome to Viron Japan Academy
Viron Japan Academy
2026, Jul, 20
ජපානයේ මෝටර් රථ කාර්මික (Automobile Maintenance) ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා යොමුවීමට බලාපොරොත්තුවෙන් සිටින සමස්ත ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවටම අතිශය තීරණාත්මක සහ ප්‍රීතිමත් පුවතක් ගෙන ඒමට Viron Japan Academy සමත් වී ඇත.
අප ආයතනය මගින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමට පිළිතුරු වශයෙන්, 2027 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ Prometric විභාග මධ්‍යස්ථාන මගින් SSW Automobile Maintenance විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදුකරන බවට නිල වශයෙන් තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකාවට SSW Automobile Maintenance ක්ෂේත්‍රය ලබා ගැනීම වෙනුවෙන් Viron Japan Academy අප 2025 වසරේ මුල් භාගයේ සිටම අඛණ්ඩව ඉල්ලීම් සිදු කළෙමු. එහිදී ශ්‍රී ලංකාවේ Prometric මධ්‍යස්ථාන හරහා මෙම විභාගය පැවැත්වීමට මුලින් නොහැකි බව දන්වා සිටියද, අප අපගේ උත්සාහය අතනෑරියෙමු.
ඊට විකල්පයක් ලෙස, අප ආයතනයේ 2025-2026 කණ්ඩායම්වල අධ්‍යාපනය ලැබූ සිසුන් 150 කට ආසන්න ප්‍රමාණයක් සඳහා තුන්වන පාර්ශවයක සහභාගීත්වයෙන් තොරව, Viron Japan Academy හි සෘජු සංවිධානයෙන් 2026 අප්‍රේල් 22 වන දින සාර්ථකව SSW Automobile Maintenance විභාගය පැවැත්වීමට අප කටයුතු කළෙමු. නිවැරදි ප්‍රායෝගික පුහුණුව සහ මගපෙන්වීම හේතුවෙන් එම විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 89% කට ආසන්න ප්‍රමාණයක් සමත් කරවීමට අපට හැකි වූයේ නිහතමානී අභිමානයෙනි.
අපගේ සැලැස්මේ තෙවන අදියර ලෙස 2026 ජූලි අධ්‍යයන වාරය සඳහා Automobile Maintenance ක්ෂේත්‍රය තෝරාගත් සිසුන් 300 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටිති. මෙම සිසුන් වෙනුවෙන් අපගේ කළමනාකාර අධ්‍යක්ෂ ලෝරන්ජන් සුභාෂ් සේසිරි පෙරේරා (Loranjan Subash Sesiri Perera) මහතා විසින් Prometric විභාග මධ්‍යස්ථානයෙන් නැවත වරක් විශේෂ ඉල්ලීමක් කරන ලදී.
එම අඛණ්ඩ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස, 2027 ජනවාරි මාසයේ සිට සියලුම ශ්‍රී ලාංකිකයන්ට Prometric මධ්‍යස්ථාන හරහා මෙම විභාගයට මුහුණ දීමට අවස්ථාව උදාකර දෙන බවට නිල පිළිතුරු ලැබී ඇත.
මෙය විශාල ජයග්‍රහණයක් වුවද, මෙහි පවතින බරපතලකම සහ වගකීම අප සියලු දෙනා වටහාගත යුතුය.
මෝටර් රථ අලුත්වැඩියා ක්ෂේත්‍රය යනු මාර්ග ආරක්ෂාව සහ මිනිස් ජීවිත හා සෘජුවම බද්ධ වූ ක්ෂේත්‍රයකි. එබැවින් ජපානයේ ආයතන වෙත අප යැවිය යුත්තේ විභාග සහතික පමණක් ඇති අය නොව, වගකීමෙන් සහ අවංකව කාර්යයන් කළ හැකි සැබෑ ප්‍රායෝගික පුහුණුව ලත් සේවකයින්ය. එසේ නොවුණහොත්, මෙම ක්ෂේත්‍රය ශ්‍රී ලංකාව සඳහා ඉතා ඉක්මනින් වැසී යාමේ අවදානමක් පවතී.
මේ වන විට ඇතැම් මුදල් ඉපයීම පමණක් අරමුණු කරගත් ආයතන, ප්‍රායෝගික පුහුණුව ලබන සිසුන් ඉලක්ක කරගනිමින් "විභාග සහතිකය විතරක් තිබුණාම ඇති, ජපානයට යවනවා" යනුවෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරන බව අපට නිරීක්ෂණය වී ඇත. බොරුවට සහ වංචාවට පවතින්නේ කෙටි ආයුෂකි.
Viron Japan Academy හි අපගේ අරමුණ විභාග සමත් සහතික පත්‍ර හිමියන් බිහි කිරීම නෙවෙයි; ජපානයේදී ශ්‍රී ලාංකිකයෙකු ලෙස අභිමානයෙන් සේවය කළ හැකි සැබෑ දක්ෂ වෘත්තිකයන් නිර්මාණය කිරීමයි.
එමෙන්ම 2025 නොවැම්බර් මාසයේදී ආයතන කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේදී මෙම SSW Automobile විභාගය පැවැත්වීමට කටයුතු කර තිබූ අතර, ඒ සඳහා වෙහෙස වී කටයුතු කළ එම ආයතනවලට සහ පුද්ගලයින්ටද Viron Japan Academy හි ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමු.
අනාගත දරුවන් වෙනුවෙන් වඩාත් යහපත් සහ සුරක්ෂිත හෙට දවසක් නිර්මාණය කිරීමට අප කැපවී සිටිමු!
~ Viron Japan Academy
Pubudu Jayarathne